Introduction to OOP in Sinhala | OOP ගැන සිංහලෙන්

Introduction to OOP in Sinhala | OOP ගැන සිංහලෙන්

මොකක්ද මේ OOP?

 

මොකක්ද මේ OOP කියන්නේ?

OOP කියන්නේ, Object Oriented Programming කියන එක. මේක Programming language එකක් එහෙම නෙමෙයි, මේක concept එකක්.

 

මොකටද මේ OOP?

ඉස්සර කාලේ programming කරනකොට එකම file එකක code lines දහස් ගානක් ලියන්න උනා. එතකොට පේළියක දෙකක පොඩි error එකක් ආවත් ඒක හොයාගන්න programmer ට ලොකු මහන්සියක් වගේම ලොකු කාලෙකුත් වැයකරන්න උනා. ඒ වගේම, කලින් හදපු program එකකට අලුතින් කොටසක් එකතු කරන්න හරි, තිබුන කොටසක් අයින් කරන්න හරි සිද්දවුනොත් ඒකටත් ලොකු කාලයක් වගේම වියදමක් දරන්න උනා. ඉතින් program එකක් හදනවට වඩා ලොකු වියදමක් ඒක නඩත්තු කරන්න (maintenance) වැයවුනා. මේ ගැටළුවට විසදුමක් විදිහට තමයි මේ OOP කියන concept එක ගොඩනැගුනේ.

 

මොකක්ද මේ concept එක?

Code lines දහස් ගානක් එකම file එකක ලියන එක වෙනුවට පොඩි පොඩි කොටස් (objects) වලට කඩාගෙන වෙන වෙනම program කරන එක තමයි සරලවම කිවුවොත් මේ concept එකේදි කරන්නේ. ඊට පස්සේ main program එකක් හදාගෙන වෙන වෙනම program කරපු ඔක්කොම main එකට join කරනවා. (පහත රූප සටහන බලන්න)

ඉතින් එතකොට මොකක් හරි error එකක් තිබුනොත් programmer ට බලන්න තියෙන්නේ ඒකට අදාළ කොටස විතරයිනේ, ඒ නිසා programmer ගෙ  මහන්සිය වගේම කාලයත් ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්.

තව අලුතින් කොටසක් එකතු කරන්න උනොත් කරන්න තියෙන්නේ කලින් කියපු විදිහටම වෙනම කොටසක් විදිහට develop කරලා main එකට join කරන්න. ඒ වගේම දැනට තියෙන කොටසක් අයින් කරන්න උනොත් අදාළ කොටස හොයල ලේසියෙන්ම ඉවත් කරන්නත් පුළුවන්.

ඉතින් මේ concept එක නිසා program එකකට අලුතින් කොටස් එකතු කරන්නත්, ඉවත් කරන්නත් පහසුවුනා වගේම,ඒ සදහා වැයවෙන කාලයත් ගොඩක් ඉතිරි වුනා. මේ නිසා software නඩත්තු කරන්න (maintenance) යන වියදම ගොඩක් අඩු කරගනත් පුළුවන් වුනා.

 

අවසාන වශයෙන්….

මේ විදිහ අපිට code කරන්න ලේසි වෙන්න ගොඩනැගුන concept එකක්. ඒක අමාරුයි කියලනම් හිතන්න එපා, ඔයා එහෙම හිතන් ඉන්නවනම් අදම ඒ වැරදි වැටහීම ඔයාගේ මනසින් අයින් කරගන්න. OOP ඉගෙනගෙන පහසුවෙන්ම code කරන්න පුරුදු වෙන්න. අමතක කරන්න එපා මේක programming language එකක් නෙමෙයි, මේක concept එකක්.

 

දිගටම Dream Squad Blog එක follow කරොත් මේ වගේ ආස හිතෙන ලිපි ගොඩක් ඔයාලට බලාගන්න පුළුවන්.

එහෙනම්, ඔබට සුබ දවසක්.